Slider 01 Slider 02 Slider 03 Slider 04 Slider 05
This is an example of a HTML caption with a link.

Nalanda Retired Teachers Association

නාලන්දා විශ්‍රාමික ගුරුසංගමය.

පූජ්‍ය පුනෑහැල සද්ධානන්ද හිමියන්ගෙන්...

ගුරුවරයා යනු දරුවනට මගපෙන්වන්නෙකි. බුදු රජානන් වහන්සේ සමාජ ශෝධකයකු ලෙස හැඳින්වෙන අතර, ගුරුවරයා සමාජයේ පෙර ගමන් කරුවෙකි.

මෙම විශ්‍රාමික එකමුතුව සෙසු විශ්‍රාමික රජයේ සේවකයින්ට වඩා විශේෂත්වයක් දරයි. ඔවුහු ගුරු වෘත්තියේ නියැලුනු පිරිසකි. බුදු දහම අනුව ගුරුවරයා හා ශිෂ්‍යයින් අතර බැඳුණු ගුණ ධර්ම දහයක් ගැන දැක්වේ. ඒවා යුතුකම් හා අයිතිවාසිකම් නමින් හැඳින්වේ. මෙම කරුණු  ගැන සැලකීමේ දී පෙනී යන්නේ ගුරුවරයා  යනු ගුණධර්ම මත බැඳුණු විනය ගරුක සමාජයකට අඩිතාලම දමන පෙර ගමන්කරුවන් පිරිසක් බවයි.

ගරු අනුශාසක ධර්ම ගුණසිංහ මහතා. . .

ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්‍රාමික ගුරු සංගමයේ සාමාජිකයන් වීම අපට මහත් සතුටකි. අප සංගමය විදුහල් කීපයකට ම ආදර්ශයක් වූ බව එම විදුහල් වල මේ වන විට විශ්‍රාමික ගුරු සංගම් පිහිටුවා ගෙන විශ්‍රාමික ප්‍රජාව ගේ යහපත සඳහා කටයුතු කරන බව අපට පෙනේ. එය අපට ද මහත් සතුටකි. එක් දින චාරිකා, දෙ දින චාරිකා, සුහද හමු, ගුරු උපහාර උත්සව, වෛද්‍ය සායන සහ අවුරුදු උත්සව ආදියට සහභාගි වීම තුලින් ඔවුනොවුන්ගේ පාළුව තනිකම මකා ගැනීම පමණක් නොව නිර්මානාත්මකව ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට ද අවස්ථාව සැලසේ.

 

Events

අප සංගමය මගින් වාර්ෂිකව පවත්වන විශේෂ අවස්ථා

2015 වර්ෂය