Events

30ඩබ්.ජී.යූ.ගුණකිලක.  

අප සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකා ඩබ්.ජී.යූ ගුණතිලක මහත්මිය වයස අවු 94ක් ආයු වළඳා කොරෝනා ආසාදනයෙන් ඇතිවූ සංකූලතා වලින් 2021.09.26 වන දින අභාවප්‍රාප්ත විය. නාලන්දා විද්‍යාලයේ වර්ෂ 1966 සිට 1987 දක්වා අනුපමේය සේවයක් කර දහස් ගණනක සිසුන් බිහි කරන්නට දායක වී ඇත. එතුමියට නිවන් සුව ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.

30වන වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

එස්.වෙලබඩගේ

අප විද්‍යාලයට මහඟු සේවයක් කරවිශ්‍රාම දිවියේ දී අප සංගමයට ද මහඟ සේවයක් කල වෙලබඩගේ හිතවතානෙනි. ආදි ගුරු සංගමයේ සාතිශය සංවේගය ලබ කරන අතර එතුමා නිවනින් සැනසේවායි පතමු.

ගාමිනී පෙරේරා

2021-07-14 අප සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ගාමිණී පෙරේරා මහතා පසුගිය දා සිදු වූ අනතුරකින් පසුව අද එනම් 14 වන දින අලුයම මියගොස් ඇත. එතුමාගේ දේහය අද සවස හෝ හෙට දින උදය කාලයේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තබනු ඇත. අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ. ආදි ගුරු සංගමයේ සාතිශය සංවේගය ලබ කරන අතර එතුමා නිවනින් සැනසේවායි පතමු.

අනෝමා මල්ලිකා ජයසිංහ

අනෝමා මල්ලිකා ජයසිංහ මහත්මිය අප අතරින් වෙන් වූවාය. එම මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (2020.09.24) සවස 3ට අවසන් කටයුතු සිදු කෙරේ.   එතුමියට නිවන් සැප ලැබේවා.!

 

 

Appreciation

2020 වර්ෂයේ දී අප සංගමයට ලබැඳි සෙනෙහසින් සහාය වුනු සැමට අප සංගමයේ ආදර ස්තූතිය පිරි නැමේ.

2020 වර්ෂයේ විශ්‍රාමික ගුරු භවතුන් ගේ තෙදින චාරිකාවේ පළමු දිනය තුල අප සැම සෝමාවතී චෛත්‍යය වන්දනාව සඳහා 2020 -08- 29 දින පෙරවරු 5.00ට නාලන්දා විද්‍යාලයෙන් රැගෙන යන ලදී. අඹේපුස්සේ දී උදය ආහාරයත් මින්නේරියේ දී තැඹිලි පානය කරන්නට දී ගිමන් නිවා, සෝමාවතී පුදබිම පරිශ්‍රයේ දී දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් සමග සෑ රදු පියස ශාලාවේ නවාතැන් පහසුවත් සලසා දෙන ලදී. සෝමාවතී චෛත්‍යයේ සවස ගිලන්පස පූජාවත් පසු දින උදේ කිරිපිඩු පූජාවත් ඇතුළු පිංකම අප වෙනුවෙන් කිරීමට අපව දායක කර ගන්නා ලදී. මෙම මහඟු පුණ්‍යකර්මයට ඔවුන්ගේ ගුරු මෑණි වරුන් හා පියවරුන් සහභාගී කරවා ගැනීම උදෙසා 83 කණ්ඩායමට අප ආදි ගුරු සංගමයේ ආදර ස්තුතිය පුද කෙරේ. මේ සඳහා මූලික ව ක්‍රියා කල 83 කණ්ඩායමේ පුතුන් කිහිප දෙනෙකු විශේෂයෙන් සිහිපත් කල යුතු වේ.

• මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටංපිටිය.

• අරුණ හේරත්.

• එරාජ් අරවින්ද ප්‍රනාන්දු

• ගාමිණී වික්‍රමසිංහ

• ජනක කරුණාරත්න.

• දිනේශ් අරුණතිලක.

• රේණුක වෙලබඩගේ.

• රෝහිත රනේපුර

• වෛද්‍ය දයාල් විජේතුංග

• වෛද්‍ය සේනක සේනානායක.

• හේමන්ත ගමගේ

• චූලා රාජපක්ෂ

• කපිල ගුණතිලක.

 • චන්දන වික්‍රමරත්න.

 • එම්.කේ. මල්ලිකාරච්චි.

• එයාර් මාර්ෂල් සුමංගල ඩයස්

ඔවුන් අප වෙනුවෙන් සිදු කල අනුපමේය මෙහෙය වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කල යුතුය.

මේ පින්කමට සහභාගි වීමට පැමිණි අප විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ද ගෞරවයෙන් සිහිපත් කරමු.

 ඒ අතර බස් රථය දින තුනම සඳහා වන ගාස්තු ගෙවීමෙන් එරාජ් අරවින්ද ප්‍රනාන්දු පුතණුවන් කල විශේෂ අනුග්‍රහය සිහිපත් කල යුතුය.

මෙයට අමතරව අපට සුපුරුදු පරිදි නිරතුරුව ම සෙනෙහසින් බැඳි රමල් සිරිවර්ධන පුතණුවන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑ රදු වන්දනාවට විශේෂ පහසුකම් සලසන ලදී. එමෙන්ම මඩු දේවස්ථානයේ දී මීසම බාර පියතුමන් මඩු දේවස්ථානයට ගෙන්වීමෙන් හා එහි පාලක පියතුමන් සමග අප හට සම්බන්ධ කරවා දෙන ලදී. මේ හැරුණු විට මඩු දේවස්ථානයේ දී අප වෙත තේ පැන් සංග්‍රහයක් ලබා දීමට ක්‍රියා කරන ලදී. මේ සියල්ලට ම රමල් සිරිවර්ධන පුතණුවන්ට අපගේ ආදර ස්තූතිය පිරිනැමේ.

එන්.පී.ඒ සුබසිංහ පුතණුවන් තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා රුපියල් විසි පන්දහසක මුදලකින් දායක වීමෙන් කරන ලද අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.

.

Annual Programme 2021/22