News-2022

වාර්ෂික බෝධි පූජා පිංකම

වැල්ලවත්ත සද්ධර්මාරාම විහාරස්ථානයේදී 2020-07-18

අප සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන බෝධි පූජා සහ සෙත් පැතීමේ පිංකම මෙවරද වැල්ලවත්ත සද්ධර්මාරාමයේ අධිපති පූජ්‍ය වතවන සිරිසුමන හිමිපානන්ගේ උපදෙස් අනුව පැවැත්වුනි. මේ සඳහා සාමාජික සාමාජිකාවන් හතලිහකගේ පමණ සහභාගිත්වයක් දක්නට ලැබුනි.

 

සෙනෙවිරත්න ගුරු පියානන්ට සංගමයේ උපහාර

විශ්‍රාමික සංගමයට වසර ගනනාවක් තිස්සේ කරන ලද සේවය පිළිබඳව සෙනෙවිරත්න ගුරු පියානන්ට කරන ලද ඇයීමේ දී සමරු පලකයක් පිළිගන්වන අවස්ථාව.

 

එක්දින චාරිකාව පෙබරවාරි මස 12 වන සෙනසුරාදා.

කළුඅග්ගල ඇක්ෂන් පාක් Action Park හි දී

පෙබරවාරි මස 12 වන සෙනසුරාදා දවස පුරා. දිවා ආහාරය.පිහිනුම්, දිය කෙලි. ප්‍රීතිමත් දිනයක් ගත කරන්නට එදින පෙ.ව. 6.30ව වැල්ලවත්තෙන් ගමන් ආරම්භ කෙරේ. .

 

අනෝමා මල්ලිකා ජයසිංහ මහත්මිය අප අතරින් වෙන් වූවාය.

.

අනෝමා මල්ලිකා ජයසිංහ මහත්මිය අප අතරින් වෙන් වූවාය. එම මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (2020.09.24) සවස 3ට අවසන් කටයුතු සිදු කෙරේ. එතුමියට නිවන් සැප ලැබේවා.!

 

සුසිලා ධර්මසිරි ගුරු මාතාව අභාවප්‍රාප්ත වේ.

අප විද්‍යාලයේ සේවය කල, අප සංගමයේ සාමාජිකා (සාමාජික අංක 92) සුසිලා ධර්මසිරි මහත්මිය වයස අවු 84ක් ආයු වලඳා පරලෝ සැපත් විය. එතුමියගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තබා ඇත හෙට එනම් 22වන බදාදා පස්වරුවේ අවසන් කටයුතු සිදු කරන බව සියලු ඥාති මිත්‍රාදීන් පිළිගනිත්වා..

 

 

තෙදින චාරිකාව සොමාවතිය, අනුරාධපුර හා තන්තිරිමලේ

අගෝස්තු මස 29,30,31 මාසයේ දී

අගෝස්තු මස 29 වැනි දින පෙ.ව. 5.00ට විද්‍යාලයෙන් පිටත් එදින රාත්‍රියේ සෝමාවතී පුදබිමේ නවාතැන් ගෙන පසුදා පෙරවරුවේ පවත්වන පිංකමට සහභාගි වීමට අදහස් කෙරේ. පසුවදා තන්තිරිමලේ සහ අනුරාධපුර පුද බිමේ වන්දනා කරන්නටත් ඊටත් පසු දින නැවත පැමිණීමටත් අදහස් කෙරේ.