35 වැනි වාර්ෂික මහා සභාව 2026-02-22
ඇතුල් කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ දී පසුගිය දා 35 වැනි වාර්ෂික මහා සභාව පවත්වන්නට යෙදුනි. සාමාජිකයින් එක සිය දහයකට අධික සංඛ්‍යාවක් මෙයට සහභාගි විය.
ආදි නාලන්දීය, පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහානාත උඩුකුල මහතාගේ හර බර දේශනයකින් පසුව නව වසර වෙනුවෙන් කාරක සභාව පත් කර ගන්නා ලදී.
සංගමයේ වසර 14ක් (2011-2025) විශිෂ්ට සේවයක් කල ටී.කේ. දිලිප් රෝහණ මහතා මෙවර කාරක සභාවෙන් ඉවත් විය.
එමෙන්ම ගරු භාණ්ඩාගාරික ලෙස 2017 සිට 2025 දක්වා සේවය කල එම්. සිරිවර්ධන මහතා අසනීප තත්වය නිසා මෙවර කාරක සභාවෙන් ඉවත් විය.
නව කාරක සභිකයන් ලෙස තේරී පත් වූයේ ඊ. එම්. ඒ. ඒකනායක මහතා සහ කාන්ති මුණසිංහ මහත්මියයි. එමෙන්ම එම්. සිරිවර්ධන මහතා කාරක සභාවෙන් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට කාරක සභික එන්. කේ. ඩී. හේමචන්ද්‍ර මහතා පත් විය. ඔවුන්ට මෙම සංගමයට දීර්ඝ කාලයක් අනභිභවනීය සේවයක් කරන්නට ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.
වික්ටෝරියා රැජිනගේ රාජකීය කිරීටයට ගෞරවයක් වශයෙන් වික්ටෝරියා නිවස පිහිටුවන ලදී. යටත් විජිත ලේකම් හෙන්රි ලෝරන්ස් වෙන්ඩ්ට්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද වික්ටෝරියා නිවාසයේ මූලික අභිප්‍රාය වන්නේ සුව කළ නො හැකි රෝගවලින් පෙළෙන රෝගීන්ට ජීවිත කාලය පුරාම නොමිලේ නේවාසික සහ සෞඛ්‍ය සේවා සැපයීමයි. ශ්‍රී ලංකාවේ වඩාත් ම කීර්තිමත් පුණ්‍යායතනයක් වන වික්ටෝරියා නිවාසය, ආරම්භයේ දී කොළඹ අක්ෂි රෝහලට අයත් ඉඩමක පිහිටා තිබූ අතර එය 1960 දී රාජගිරියේ වර්තමාන පරිශ්‍රයට ගෙන එන ලදී.
අක්කර හතරක (4) භූමි ප්‍රමාණයක පැතිරී ඇති වික්ටෝරියා නිවාස පරිශ්‍රය නේවාසික වාට්ටු 13 කින්, පංච කර්ම ඒකකයකින්, පරිපාලන සංකීර්ණයකින්, රෝගීන් 122 කින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 56 කින් සමන්විත වේ.
මෙම පුණ්‍යායතනයේ නේවාසිකයින් සඳහා දිවා ආහාරය සඳහා 1992 වසරේ සිටම අප සංගමය දායක වී ඇත. ඒ සඳහා සෑම වසරකම ජනවාරි මස 25 වැනි දින වෙන් කර ඇත.
අප සංගමයේ කමිටු සාමාජික කේ.ඒ.ජී කුලවංශ මහතා මෙම දානය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. මේ මහඟු පින්කමෙහි ආනිසංස ඒ මහතාගේ නැසී ගිය ආදරණීය බිරිඳ ට අනුමොදන් වේවායි පතමු.
2026 පෙබරවාරි 22 දින කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ පවත්වනු ලැබූ වාර්ෂික මහා සභාව වෙනුවෙන් දිවා ආහාරය සැපයීමෙන් අප වෙත ආදර අනුග්‍රහය දැක්වූ නාලන්දා ආදි සිසු ව්‍යාපාරික කොළඹ මහ නගර සභා නියෝජිත නිහාල් පතිරගේ පුතණුවන් වෙත අපගේ ආදර ගෞරවනීය ස්තුතිය හිමි වේ.
හර බර දේශනයකින් වාර්ෂික මහා සභාව ඇමතූ ආදි නාලන්දීය, පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහානාත උඩුකුල මහතා වෙත අපගේ ආදර ගෞරවනීය ස්තුතිය හිමි වේ.
වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික සුහද හමුව, නාවල කොස්වත්තේ අංක 166 Opulent river Face Hotelහි දී 2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා පවත්වනු ලැබීය.
2025 වසරේ සංගමයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයෙන් දායක වූ නාලන්දා පුතුන් ද මෙම සුහද හමුවට කැඳවනු ලැබීය.
උදාර විදානගමගේ, උදිත ජයසිංහ, කණිෂ්ක අළුවිහාරේ, කලණ කොතලාවල, කලණ දසනායක, කාශ්‍යප ද සිල්වා, ගිහාන් ලහිරු විජේසිංහ, චින්තන රණවීර,
තරිඳු නයනශාන්ත කුමාරගේ, නිහාල් පතිරගේ, පාරින්ද බුලත්සිංහල, පාරින්ද සමරසිංහ, ප්‍රමුදිත ගයාශාන්, භානුක විජේසුන්දර මිලින්ද වීරසිංහ, යුදේෂ් ගුණරත්න,
රමල් සිරිවර්ධන, ලාල් රොද්‍රිගු, වරුණ රත්නවීර, විදුර ද සිල්වා, සංජීව පෙරේරා, සමන් ජිනදාස, සමීර ලලිතාංග ඒකනායක, සිසිර ගුණවර්ධන, සිසිර දාබරේ, සුමුදු පෙරේරා,
හසන්ත කොඩිතුවක්කු, හිරාන් ජයතුංග, හේෂාන් පාදුක්ක
මෙම නාලන්දා පුතණුවන්ට අපගේ ආදර ගෞරවනීය ස්තුතිය හිමි වේ.
ගුණදාස යාපා
නාලන්දා විද්‍යාලයේ වසර 24ක් ගුරුවරයෙකු, අංශ ප්‍රධානියෙකු සහ සහකාර විදුහල්පති වරයෙකු ලෙස සේවය කර 1986 දී විශ්‍රාම දිවියට පිවිසී ගුණදාස යාපා මහතා ස්වතන්ත්‍ර කෘති 3ක්ද පරිවර්තන කෘති 41ක්ද ප්‍රකාශයට පත් කර ඇති මහා කිවිවරයෙකි.
ඒ මහතාගේ නාලන්දා සේවා කාලය තුල නාලන්දාවේ සෑම කලා කටයුත්තක දීම ඔහුගේ කාව්‍යමය සිතුවිලි, කවි හෝ ගීත ලෙස එලි දැක්විනි.
සිය දිවි සැරිය 09-12-2025 වැනිදා අවසන් කල මහා කලාකාමී ගුරුවරයානෙනි. ඔබට සුබ ගමන්. . .