ආරම්භය...
1991 පෙබරවාරි 4 දින නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පති ධර්ම ගුණසිංහ මැති තුමාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ අදිකාරම් මාවතේ පිහිටි එම මහතාගේ නිවසේ දී මෙම විශ්‍රාමික ගුරු සංගමය ආරම්භ කරන ලදී. නාලන්දා විශ්‍රාමික ගුරු සංගමයේ ගරු සභාපති ලෙස ධර්ම ගුණසිංහ මහතා පත්වූ අතර එච්. ජී. යාපා මහතා ලේකම් තනතුරටත් ඩී. එස්. වැලිකල මහත්මිය භාණ්ඩාගාරික තනතුරටත් පත්කර ගන්නා ලදී. නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් වන පී. වික්‍රමරත්න සහ එස්. අතුකෝරල යන මහත්වරුන් අනුශාසක වරුන් ලෙස තෝරා ගන්නා ලදී.
මේ විශ්‍රාමික ගුරුවරුන් සඳහා ලංකාවේ බිහිවූ පළමු විශ්‍රාමික ගුරු සංගමයයි.
ආරම්භය...
2016 වර්ෂයේ වාර්ෂික මහා සභාව එනම් නාලන්දා විශ්‍රාමික ගුරු සංගමයේ රිදී ජුබිලිය පවත්වන ලද්දේ කටුනායක ගුවන් හමුදා කඳවුර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දීය.
එදින නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පති ධර්ම ගුණසිංහ මැති තුමාගේ ප්‍රධානත්වයෙන් Nalanda retired teachers වෙබ් අඩවිය දියත් කරන ලදී.
ධර්ම ගුණසිංහ මහතා, සංගමයේ සභාපති සී. ඕ. විතාන මහතා, ලේකම් එල්. ඒ. තිලකරත්න මහතා සමග වෙබ් අඩවිය ඉදිරිපත් කල එස්. කේ. හෑගොඩආරච්චි මහතා ඡායාරූපයේ පෙනී සිටිති.
Victoria Home Rajagiriya
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ දානය.